නොදැවුණු හයිඩ්රොකාබන් (HC), නයිට්රජන් ඔක්සයිඩ් (NOx) සහ කාබන් මොනොක්සයිඩ් (CO) විමෝචක වායු පාලන රෙගුලාසි මගින් සීමා කර ඇති ප්රධානතම අහිතකර වායු වර්ග වෙයි. අසම්පූර්ණ ඉන්ධන දහනයෙන් නොදැවුණු හයිඩ්රොකාබන් නිපදවෙන අතර, දහන උෂ්ණත්වය අධිකව ඉහළ යෑමෙන් නයිට්රජන් ඔක්සයිඩ සහ කාබන් මොනොක්සයිඩ් නිපදවෙයි. විමෝචන රෙගුලාසිවලට අවනත වන පරිදි පිටාර වායුව සමඟ පරිසරයට මුදාහරින අහිතකර වායු ප්රමාණය පාලනය කිරීම සඳහා ප්රධාන වශයෙන් ක්රම දෙකක් භාවිත වෙයි.
1. එන්ජිම් සිලින්ඩරය තුළ ඉන්ධන දහනයේ දී විමෝචක වායු නිපදවීමේ ක්රියාවලිය පාලනය කිරීම
2. එන්ජිමෙන් නිපදවූ විමෝචක වායුන්ගෙන් බාහිර පරිසරයට මුදා හරින අහිතකර වායු ප්රමාණය පාලනය කිරීම.
1. එන්ජිම් සිලින්ඩරය තුළ ඉන්ධන දහනයේ දී විමෝචක වායු නිපදවීමේ ක්රියාවලිය පාලනය කිරීම
2. එන්ජිමෙන් නිපදවූ විමෝචක වායුන්ගෙන් බාහිර පරිසරයට මුදා හරින අහිතකර වායු ප්රමාණය පාලනය කිරීම.