එන්ජිමක සම්පීඩන අනුපාතය වැඩි වීමේ දී එහි තාප කාර්යක්ෂමතාව අනුලෝම ව වැඩි වෙයි. සම්පීඩන අනුපාතය වැඩි කිරීම පිණිස වඩා දිගු පහරක් සහිත එන්ජින් භාවිත කළ හැකි ය. එහෙත් මෙහි දී එන්ජිමේ විශාලත්වය ද මේ සමඟ වැඩි වන බැවින් වැඩි නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදු වෙයි. එමෙන් ම එවැනි එන්ජින් ප්රායෝගික ව යොදා ගැනීමේ අපහසුතා ද මතු වෙයි.
යම් හෙයකින්, එන්ජිමේ චූෂණ පහරේ දී පුඹුවක් භාවිතයෙන් සම්පීඩනය කරන වාතය එන්ජිමට සැපයුව හොත්, එමගින් වැඩි වායු ප්රමාණයක් එන්ජිම තුළට ලබා ගත හැකි අතර, සම්පීඩන පහර අවසානයේ සිලින්ඩරයට වැඩි වායු පීඩනයක් ළඟා කර ගත හැකි ය.
එය වඩා වැඩි සම්පීඩන අනුපාතයක් සහිත එන්ජිමක් භාවිතයෙන් වාතය සම්පීඩනය කිරීම හා සමාන ය. එබැවින්, එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමේ උපක්රමයක් ලෙස නවීන මෝටර් රථවල පුඹුවක් භාවිත කර එන්ජිමට තරමක් දුරට සම්පීඩනය කරන වාතය සැපයේ.
මෙහි දී බලවර්ධකයේ ක්රියාකාරිත්වයට එන්ජිමෙන් නිපදවෙන ජවයෙන් කොටසක් වැය වෙයි. එහෙත් බලවර්ධකය භාවිත කිරීමෙන් එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි වීම හේතුවෙන් ලැබෙන අමතර ජවය බලවර්ධකයට වැය වන ජවයට වඩා වැඩි වෙයි.
ඊට අමතර ව මෙම පුඹුව පිටාර වායුවෙන් ධාවනය වන තල බමනයක් මගින් ද ක්රියාත්මක කළ හැකි ය. එවැන්නක් බමන සම්පීඩකයක් (Turbo charger) නම් වෙයි.