පිස්ටනවල චලිතය සිදු වන සිලින්ඩාකාර කුටීර හතරක් එන්ජිම් බඳ තුළ පිහිටා ඇත. එන්ජිම් බඳ වාත්තු කිරීමට චීනච්චට්ටි හෝ ඇලුමීනියම් මිශ්‍ර ලෝහ යොදා ගැනේ.
ඉන්ධන දහනයේ දී නිකුත් වන අධික තාපයෙන් එන්ජිම් බඳ ආරක්ෂා කිරීමට සිසිලන ද්‍රව්‍ය ගලා යෑමට එන්ජිම් බඳේ බිත්ති ඇතුළතින් විශේෂ වූ කුහර තනා ඇත. එම සිදුරු සිසිලන ද්‍රව මාර්ග (Coolant paths) යනුවෙන් හඳුන්වයි.
ඊට අමතර ව චලනය හේතු කොට ගෙන ඝර්ෂණයට පාත්‍ර වන විවිධ උපාංග ස්නේහනය කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් ගමන් කිරීමට ද උපයෝගි වන කුහර (Lubricating oil paths)එන්ජිම් බඳෙහි ම අන්තර්ගත කර ඇති ඇත. සිසිලන ද්‍රව්‍ය ගලායන කුහර හා ලිහිසි තෙල් නල කිසිලෙසකින් වත් සම්බන්ධ නොවේ.