ක්‍රි.ව. 35-35
අගනගරය : අනුරාධපුරය (පා.කා. මාස 04 යි)
චූලාභයතිස්‌ස රජුගේ මරණින් පසු ඒ රජුගේ නැගණි වූ සීවලී නම් කුමාරිකාව රජ පැමිණියාය. සිවු මසක් රාජ්‍යය විචාල ඇය අඩගැමුණු රජුගේ බෑනණු කෙනෙක් වූ ඉළනාග කුමාරයා රාජ්‍යය අත්පත් කර ගත්තේය. ඒ සීවලී තොමෝ ලංකා රාජ්‍යය කළ දෙවෙනි බිසව වූවාය.
