ස්නේහන පද්ධතිය
  එන්ජිමක් එකිනෙක ස්පර්ශව පවත්නා චලනය වන පෘෂ්ඨ රාශියකින් සමන්විතය. එන්ජිම ක්‍රියාකාරි වන විට එම පෘෂ්ඨ අතර ඇති වන ඝර්ෂණ බල, එන්ජිමෙන් උපරිම ජවයක් ලබා ගැනීමට බාධාවක් වෙයි. මෙම ඝර්ෂණ බල අවම කර ගැනීමට එම මුහුණත් ස්නේහනය කළ යුතු අතර එම කාර්යය ඉටු කරගැනීමට ස්නේහන පද්ධතියක් උපයෝගි කර ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017