මෝටර් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය, රැගෙන යන භාරයේ විශාලත්වය සහ අවශ්‍ය ධාවන වේගය අනුව එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වය ද එකිනෙකට වෙනස් විය යුුතුය. එන්ජිමෙන් නිපදවෙන ජව ප්‍රමාණය ඊට සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය අනුව පාලනය කෙරේ. ඒ අනුව අවශ්‍යතාව පරිදි නිවැරදි ඉන්ධන ප්‍රමාණයක් එන්ජිම තුළට ලබාදීමට ඉන්ධන සැපයුම් පද්ධතිය යොදා ගනී.