ආන්තර කට්ටලය (Differential)
 

මෝටර් රථයක් වංගුවක ගමන් කිරීමේ දී විශාල අරයක ගමන් කරන රෝදය (පිටත රෝදය) කුඩා අරයක ගමන් කරන රෝදයට (ඇතුළත රෝදය) වඩා වැඩි දුරක් ගමන් කරයි. එබැවින් පදවන රෝද යුගලයක් දණ්ඩකින් දෘඨව සම්බන්ධ කළ විට අඩු දුරක් ගමන් ගන්නා රෝදය ඇදී යෑමකට (Drag) ලක් වෙයි. මෙය වැළැක්වීම සඳහා යොදා ගන්නා යන්ත්‍රණය ආන්තරය (Differential) නම් වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017