උත්ප්‍රේරක පරිවර්තකය (Catalytic converter)
 


විමෝචක පාලන රෙගුලාසි මගින් සීමා කර ඇත්තේ මෝටර් රථයකින් පරිසරයට මුදාහැරෙන විමෝචන වායු ප්‍රමාණ පමණී. එහෙයින් එන්ජිමෙන් පිටත දී වුව ද තවදුරටත් රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් අහිතකර වායු වෙනත් වායූන් බවට පරිවර්තනය කර ගත හැකි ය. මේ සඳහා යොදා ගන්නා උපාංගය උත්ප්‍රේරක පරිවර්තකය ලෙස හඳුන්වයි. 

අධික උෂ්ණත්වයේ ඇති පිටාර වායුව උත්ප්‍රේරක පරිවර්තකය හරහා ගමන් කිරීමේ දී පහත රසායනික ප්‍රතික්‍රියා සිදු වී හානිකර නොවන වෙනත් වායූන් බවට පත් වෙයි.
2NOx → xO2+N2
2CO + O2 → 2CO2
Cx H2x+2 ∫(3x+1)/2∫ → xCO2 + (x+1) H2O


මෙම ප්‍රතික්‍රියා අඩු උෂ්ණත්වයක දී වැඩි ශීඝ්‍රතාවකින් සිදු කිරීමට උත්ප්‍රේරක භාවිත කෙරේ. එබැවින් මෙය උත්ප්‍රේරක පරිවර්තකය ලෙස හඳුන්වයි. මෙහි දී උත්ප්‍රේරකය ලෙස ප්ලැටිනම්, පැලේඩියම් හෝ රෝඩියම් වැනි ලෝහ භාවිත කරන අතර, ඒවා හරය තුළ වායුව ගමන් කිරීමට ඇති කුහර බිත්ති මත ආලේප කර ඇත.

නොදැවුණු හයිඩ්‍රෝකාබන්, නයිට්‍රජන් ඔක්සයිඩ සහ කාබන් මොනොක්සයිඩ යන වායු තුනම උත්ප්‍රේරකයක් හමුවේ රසායනික ප්‍රතික්‍රියා මගින් වෙනත් වායූන් බවට පත් කරන උත්ප්‍රේරක පරිවර්තක තෙමං උත්ප්‍රේරක ලෙස හඳුන්වයි. උත්ප්‍රේරක පරිවර්තකයේ සිදු වන්නේ නොදැවුණු හයිඩ්‍රොකාබන හා කාබන් මොනොක්සයිඩ් ඔක්සිකරණය වීම පමණක් නම් එය දෙමං උත්ප්‍රේරක පරිවර්තකයක් ලෙස හැඳින්වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017