මෝටර් රථවල භාවිත සුවිශේෂි උපක්‍රම
 වර්තමානයේ මෝටර් රථ නිෂ්පාදකයන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ එන්ජිමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඉන්ධන දහනයෙන් නිපදවන විමෝචක (Emissiions) ප්‍රමාණය පාලනය කිරීමයි. අධික භාවිතයත් සමඟ ඛනිජ තෙල් සම්පත් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ නැඟීම වර්තමාන එන්ජින්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව වඩාත් තීව්‍ර කරයි.

තව ද, පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් පනවා ඇති විමෝචක පාලක රෙගුලාසි, මෝටර් රථවල අඩංගු විමෝචක පාලන උපක්‍රම වැඩි දියුණු කිරීමේ ඇති අවශ්‍යතාව සෘජු ව ම පාලනය කිරීම අපෙක්ෂාව යි.
(c) Shilpa Sayura Foundation 2006-2017