ක්‍රි.ව. 30-34
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 03 යි)
මහදැළියා රජුගේ දෙවෙනි පුත් වූ කණීරජානුතිස්‌ස කුමාරයා දෙටුබෑ අඩගැමුණු රජු මරා රාජ්‍යය පැහැරගෙන තුන් අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මෙතෙම ක්‍රෑර රජෙක් විය. සෑගිරි පොහෝ ගෙහි නඩු අසා රාජාපරාධයෙහි යෙදුණු දුශ්ෂීල ශ්‍රමණයන් හැට නමක් අල්වා කණීර නම් ගල්ලෙනක සිරකොට තැබුයේය.
