මෙම එන්ජිමක ක්රියාකාරී චක්රය ද දඟර කඳෙහි 00 හෙවත් චූෂණ පහරේ ආරම්භක අවස්ථාවෙන් පටන් ගන්නේ නම්, මේ වන විට චූෂණ කපාටය සහ පිටාර කපාටය යන දෙක ම විවෘත ව පවතියි. ක්රියාකාරී චක්රය ආරම්භ කරමින් පිස්ටනය මඳ දුරක් පහළට යන විට ඇති වන පීඩන තත්ත්වය නිසා බාහිර වාතය එන්ජිම් සිලින්ඩරය තුළට ගලා ඒමට පටන් ගැනෙයි. මඳ වේලාවකට පසු පිටාර කපාටය වැසී යන අතර, පිස්ටනය BDC දක්වා ගමන් කර චූෂණ පහර අවසන් කරයි.