කවුළු තුනේ දෙපහර පුලිගු ජ්වලන එන්ජිම
 මෙම එන්ජිම දෙපහර එන්ජිමේ සැකැස්මට වඩා තරමක් වෙනස් වුව ද ඒවායේ ක්‍රියාකාරිත්වය බොහෝදුරට සමාන වෙයි. මෙහි දී ද සාමාන්‍ය පිස්ටන් එන්ජිමක මෙන් ජව සම්ප්‍රේෂණය සඳහා පිස්ටනය, සබැඳුම් දණ්ඩ හා දඟර කඳකින් සමන්විත අනුවැටුම් යන්ත්‍රණය භාවිත කරන නමුත්, වායු හුවමාරු කපාට දක්නට නොලැබේ.

ඒ වෙනුවට පිස්ටනයේ පිහිටීම අනුව ඇරෙන වෙසෙන කවුළු එන්ජිම් බඳට ම අන්තර්ගත කර තිබෙන අතර, චූෂණ කවුළුව සෘජුව ම දඟර කඳ කුටීරයට විවෘත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017