compression ignition engine
සම්පීඩන ජ්වලන එන්ජිමක සම්පීඩන පහර තුළ දී වාතය ඉතා ඉහළ අගයකට සම්පීඩනය කෙරේ. එහි ප්රතිඵලයක් ලෙස සිලින්ඩරය තුළ අඩංගු වාතයේ උෂ්ණත්වය ද ඉහළ අගයකට පත් වෙයි. ඉන් පසු සම්පීඩන පහරේ අවසාන භාගයේ දී ඉන්ධන විදිනයක් මඟින් එන්ජිම් සිලින්ඩරය තුළට ඉන්ධන විදීමට සැලැස්වීමෙන් දහන ක්රියාවලිය ආරම්භ කෙරේ.
මෙලෙස දහනය සිදුවීමට නම් ඉන්ධන විදින අවස්ථාව වන විට එන්ජිම් සිලින්ඩරයේ ඇති වාතයේ උෂ්ණත්වය ඉන්ධනයේ ස්වයං ජ්වලන උෂ්ණත්වයට (Self ignition temperature) වඩා වැඩි විය යුතු වෙයි.
Youtube වීඩියෝව බලන්න
මෙලෙස දහනය සිදුවීමට නම් ඉන්ධන විදින අවස්ථාව වන විට එන්ජිම් සිලින්ඩරයේ ඇති වාතයේ උෂ්ණත්වය ඉන්ධනයේ ස්වයං ජ්වලන උෂ්ණත්වයට (Self ignition temperature) වඩා වැඩි විය යුතු වෙයි.