පුළිඟු ජ්වලන එන්ජිම
 
එන්ජිම්වල දහන ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා පුලිඟු පේනුවක් (Spark plug) මගින් ලබා දෙන පුලිඟුවක් භාවිත කරන බැවින් එවැනි එන්ජිම් පුලිඟු ජ්වලන එන්ජිම් ලෙස හැඳින්වෙයි.



එන්ජින් සිලින්ඩරය තුළ ඇති ඉන්ධන - වාත මිශ්‍රණය ප්‍රමාණවත් පරිදි සම්පීඩනයට ලක් වූ විට පුලිඟු පේනුව මඟින් නිදහස් කරන විදුලි පුලිඟුවක් ආධාරයෙන් දහන ක්‍රියාවලිය ආරම්භ කෙරෙයි.

ඇතැම් විට පුලිඟු පේනු එකක් හෝ කිහිපයක් එක ම සිලින්ඩරයට සම්බන්ධ වන අවස්ථා ද දැකිය හැකි ය. විදුලි පුලිඟුවක් ආධාරයෙන් දහනය ඇරඹීමට ඉන්ධන සහ වාතය හොඳින් එකින"ක මිශ්‍ර වූ මිශ්‍රණයකැ එන්ජිමැ සිලින්ඩරය තුළ පැවතිය යුතු වේ. එබැවින් මෙම පුලිඟු ජ්‍වලන තාක්‍ෂණය පෙට්‍රල්‍, LP ගෑස්‍ වැනි ඉහළ වාෂ්‍පශීලතාවක්‍ ඇති ඉන්‍ධන යොදා ගන්‍නා එන්‍ජිම්‍ සඳහා පමණක්‍ භාවිත කෙරෙයි.

අනූව දශකයට පසු ව නිෂ්‍පාදනය වූ සිව්‍පහර පෙට්‍රල්‍ එන්‍ජිම්‍ බොහෝමයක ඉන්‍ධන විදීමේ තාක්‍ෂණය (Fuel injection) භාවිතයට ගෙන ඇත. ඉන්‍ධන විදිනය මඟින්‍ අධික පීඩනයක්‍ යටතේ ඉතා කුඩා ද්‍රව අංශු ලෙස ඉන්‍ධන නිකුත්‍ කරන හෙයින්‍ වාතය හා පහසුවෙන්‍ ම මිශ්‍ර වී සම්‍පූර්‍ණයෙන්‍ ම වායු බවට පත්‍ වී එ්‍කාකාර වායු-ඉන්‍ධන මිශ්‍රණයක්‍ සෑදේ. එය වඩාත්‍ ම දහන ක්‍රියාවලියක්‍ සඳහා හේතු වෙයි.

මුල් කාලයේදී වාතය එන්‍ජිමට ඇද ගන්‍නා විට චූෂණ කවුළුව තුළට ඉන්‍ධන විදීම (Port fuel injection) තුලින් වාතය හා ඉන්‍ධන එකිනෙක මිශ්‍ර වීමට සලස්‍වන ලදී. පසුකාලීන ව එන්‍ජිම්‍ සිලින්‍ඩරය තුළ ම ඉන්‍ධන විදීම (Direct fuel injection)මගින්‍ දහන ක්‍රියාවලියේ කාර්‍යක්‍ෂමතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිණි.
(c) Shilpa Sayura Foundation 2006-2017