පිටාර පහර (Exhaust stroke)
 බල පහර අවසන් වූ පසු පිටාර පහර ආරම්භ වෙයි. පිටාර පහරේ දී පිස්ටනය (BDC) සිට (TDC) දක්වා ගමන් කරයි. මේ අතරතුර පිටාර කපාටය විවෘත ව පවතින අතර, චූෂණ කපාටය වැසී පවතී. පිස්නයේ මෙම චලිතය හේතුවෙන් දහනය වූ වායුව පිටාර කපාටය හරහා එන්ජිම් සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කර බාහිර පරිසරය වෙත මුදා හැරෙයි. මෙලෙස දහනය වූ වායුව එන්ජිම් සිලින්ඩරයෙන් ඉවත් කරමින් (BDC) සිට (TDC) දක්වා සිදුවන පිස්ටනයේ චලිතය පිටාර පහර ලෙස හඳුන්වනු ලබයි.

පිටාර පහර අවසානයේ නැවත චූෂණ පහර ආරම්භ වී ඉහත චක්‍රය නොකඩවා සිදුවේ. මෙසේ සිව්පහර එන්ජිමක් ඉහත පහරවල් හතර සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය, සිව්පහර එන්ජිමක ක්‍රියාකාරි චක්‍රයක් (Operating cycle) ලෙස හැඳින්වෙයි. මේ සඳහා දඟර කඳ වට දෙකක් හෙවත් 7200 ක ප්‍රමාණයක් භ්‍රමණය විය යුතු වෙයි.

මෙහි දී ඉන්ධන, වාතය හා මිශ්‍ර වන ආකාරය සඳහන් කර නොමැති අතර පුලිඟු ජ්වලන හා සම්පීඩන ජ්වලන සිව් පහර එන්ජිම්වල දී ඒ පිළිබඳ ව පැහැදිලි කෙරෙනු ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017