උඩු පහර
 

උඩු පහර සිදු වන කාල පරාසයේ දී එනම් පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කිරීමේ දී සම්පීඩන ක්‍රියාවලිය සහ ඉන්ධන දහන ක්‍රියාවලිය යන ක්‍රියාවලි දෙක ම සිදු වෙයි. මෙම කාල පරාසයේ දී කපාට සහ කවුළු වැසී පවතී. මේ නිසා උඩු පහරේ මුල් කොටසේ දී එන්ජිම තුළ ඇති වායු මිශ්‍රණය සම්පීඩනයට ලක් වෙයි. පිස්ටනය TDC කරා ආසන්න වත් ම දහන ක්‍රියාවලිය ආරම්භ කෙරෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017