එන්ජිම
 

මෝටර් රථයකට අවශ්‍ය ජවය ලබාගැනීමට චාලකයක් ලෙස එන්ජිම යොදා ගනියි. ශක්ති ප්‍රභවය ලෙස විවිධ ඉන්ධන භාවිත කරයි. එන්ජිම තුල ඉන්ධන දහනයේදී නිකුත් වන තාප ශක්තිය (Thermal energy) චාලක ශක්තිය (Kinetic energy) බවට පරිවර්තනය කිරීම එන්ජිමක කාර්යභාරය වෙයි. විවිධ මෝටර් රථවලට විවිධ වර්ගයේ එන්ජිම් යොදා ගනියි. ඒ අතරින් අනුවැටුම් චලිතය සහිත පිස්ටන් සිලින්ඩර් එන්ජින් (Reciprocating piston engines) සුලභය.

(c) Shilpa Sayura Foundation 2006-2017