සිවිපහර එන්ජිමක ක්‍රියාකාරිත්වය (රූපයේ පරිදි) පිස්ටනය TDC දී කපාට සියල්ල වැසී ඇතැයි ද එන්ජිම් සිලින්ඩරය තුළ පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනයේ ඇතැයි ද සිතමු. මෙම අවස්ථාවට අදාළ ව දඟර කඳේ පිහිටීම 00 ලෙස සලකා පිස්ටනයේ චලිතයත් සමඟ දඟර කඳේ පිහිටුමේ කෝණික වෙනස දක්ෂිණාවර්තව මැන ගනිමු. එසේ ම මෙහි දී වාතය සමඟ ඉන්ධන මිශ්‍ර කිරීම සඳහා කාබියුරේටරයක් භාවිත කරමු.
චූෂණ පහර ආරම්භයත් සමඟ ම දඟර කඳ දක්ෂිණාවර්ත ව භ්‍රමණය වෙමින්, පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කෙරේ. පිස්ටනය පහළට ගමන් කරන විට දහන කුටීරයේ පරිමාව ද ක්‍රමයෙන් විශාල වේ.
එබැවින් සිලින්ඩරය තුළ වායු පීඩනය පිටත වායුගෝලීය පීඩනයට වඩා පහළ යෑමට පටන් ගනී. පිස්ටනය ගමන් කළ විට, ආරම්භයට ප්‍රථම චූෂණ කපාටය විවෘත වන අතර, ඒ හරහා ඉන්ධන වායු මිශ්‍රණය එන්ජිම් සිලින්ඩරය තුළට ගමන් කිරීම ආරම්භ කරයි.