තෙකලා උවාරණ
 කර්මාන්තශාලා ආලෝකකරණයේ දී භ්‍රමේක්ෂ ඵලය නිසා හැකි අනතුරු වැලැක්වීමට තෙකලා සැපයුම් යොදා ගනියි. මෙය වැඩියෙන් ම වාසිදායක වන්නේ මෝටර් සඳහා ය. එකලා මෝටර්වලට වඩා තෙකලා මෝටර් කාර්යක්ෂම වේ. ඒ,

* ඕනැම කලා දෙකක් මාරු කිරීමෙන් මෝටරයේ භ්‍රමණ දිශාව මාරු කළ හැකි වීම.
* කෙටි කාලයක් තුළ දී මෝටරයේ උපරිම වේගයට ළඟා වීමේ හැකියාව.
* එකලා මෝටර්වලට සාපේක්ෂ ව ප්‍රමාණයෙන් කුඩා වීම.

තෙකලා මෝටරයක කලා තුන සඳහා එතුම් තුනක් ඇති අතර එම එතුම් තුනෙහි කෙළවරවල් 6 මෝටරයෙන් පිටතට ලබා දී ඇත. භ්‍රමකය ලේන කූඩු (Squirrel cage) වර්ගයේ එකක් වන අතර ව්‍යාවර්ත තනිකලා මෝටරයකට වඩා ප්‍රබල වේ. සන්නායක කෙළවර 6 ආරම්භකය දක්වා ගමන් කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017