තෙකලා පරිණාමක
 තෙකලා පරිණාමකවල ප්‍රාථමික දඟර සහ ද්විතීයික දඟර දවස්ථානුකූල ව තරු සහ දැල් සම්බන්ධතාවන් අනුව සකස් කෙරේ.

ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමවල බෙදා හැරීමේ පරිණාමකයේ ප්‍රාථමික දඟර තුන දැල් සම්බන්ධතාකින් කර ඇත. ද්විතීයිකයේ උදාසීන රැහැනක් අවශ්‍ය බැවින් ද්විතීයික දඟර තුන තරු ආකාරයට සම්බන්ධ කෙරේ. එවිට දඟර තුනේම පොදු අග්‍රය භූගත කර ශුන්‍ය ලක්ෂයක් ලෙස බෙදාහැරීමේ මාර්ගවලට සම්බන්ධ කෙරේ. එම ලක්ෂයෙන් ලබා ගන්නා සන්නායක උදාසීන සන්නායකය ලෙස යොදා ගනියි. ගෘහ පරිපථවලට ලබා දෙන සැපයුම මෙම ප්‍රතිපාදනයෙන් සම්බන්ධ වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017