එකලා පරිණාමක
 එකලා පරිණාමකයක (Single phase transformer) කම්බි දඟර දෙකක් ඇති අතර සැපයුම ලබා දෙන දඟරය ප්‍රාථමික දඟරය ලෙස ද, වෝල්ටීයතාව ලබා ගන්නා දඟරය ද්විතීයික දඟරය ලෙස ද හැඳින්වේ.

ප්‍රාථමික දඟරයත් ද්විතීයික දඟරයත් එකම හරයක ඔතා ඇති අතර දඟර දෙක අතර ශක්ති හුවමාරුව චුම්භක ප්‍රේරණය මඟින් සිදුවේ. චුම්භක බල රේඛා පහසුවෙන් ගමන් කළ හැකි වන ලෙස සංවෘත හරයක මෙම දඟර ඔතයි. ප්‍රාථමිකයේ සහ ද්විතීයිකයේ වෝල්ටීයතාව එම දඟරවල පොට සංඛ්‍යාවට සමානුපාතික වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017