වැඩි විදුලි ජවයක් අවශ්‍ය වූ විට හානි අවම කරමින් එම ජවය සැපයීමට තෙකලා පද්ධති යොදා ගැනේ. තව ද විදුලි ජනක මඟින් උපරිම කාර්යක්ෂමතාව සපයා ගැනීම පිණිස කලා තුනක් ලෙස ප්‍රත්‍යාවර්තක විදුලි ජවය ජනනය කෙරේ.
තෙකලා සැපයුමක් යනු උදාසීන රැහැනකට සාපේක්ෂ ව වෝල්ටීයතාව ධන උපරිම සහ සෘණ වශයෙන් උපරිම වන රැහැන් තුනක් මඟින් ජවය සැපයීමයි. කර්මාන්තශාලාවල විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම පිණිසත් විදුලි පිටුවාන 50 කට වැඩි විදුලි පරිපථ පිණිසත් තෙකලා සැපයුම ලබාදෙයි.
තෙකලා සැපයුමක කලා තුන එකවර සමකලාවේ නොපිහිටයි. එහි අනුයාත කලා දෙකක් අතර කලා වෙනස 1200 කි. එනම් සැපයුමෙහි කලා තුනට අයත් රැහැන් තුනේ වෝල්ටීයතාව වෙන වෙනම 1200 කට වරක් උපරිම වන ලෙස පිහිටයි. මේ අනුව එකලා සැපයුමක් නම් රැහැන් දෙකක් ද (කලා සහ උදාසීන) තෙකලා සැපයුමක් නම් රැහැන් හතරක් ද (කලා තුන සහ උදාසීන) ප්‍රධාන සැපයුමෙන් සම්බන්ධ වේ.
මෙහි කලා තුන වෙන වෙනම එකලා තුනක් ලෙස භාවිත කළ හැකිය.
තෙකලා ජනකවලින් විදුලිය ජනනය වන්නේ ඉහත සඳහන් කළ තෙකලා ආකාරයට ය. මෙසේ ජනනය වන විදුලි ජවය සම්ප්‍රේෂණයට පෙර අධි වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වන අතර එය සිදුකරන්නේ පරිණාමකවලිනි. ඉන්පසු අධි බල සම්ප්‍රේෂණ වෝල්ටීයතාව ආදායක කෙළවරේ දී අඩු වෝල්ටීයතාවයන් බවට පරිවර්තනය කරන්නේ ද පරිණාමකවලිනි.