රැහැන් පරිවරණ ඉවත්කරණය
 සාමාන්‍ය අඬුවක් ලෙස පෙනෙන රැහැන් පරිවරණ ඉවත්කරණයෙහි, තලයේ හකුවල කුඩා සිදුර යොදා ඇත. මෙම සිදුරු සෑදෙන්නේ හකු දෙක ස්පර්ශ වූ විට දී ය. එක හක්කක සිදුරෙන් කොටසක් ආවරණය වන ලෙස සිදුර සංවෘත අතර එම සිදුරු මුවහත් කර ඇත.

කම්බියේ විෂ්කම්භයට සමාන සිදුර තෝරාගෙන පරිවරණය සමඟ එම සිදුරට තබා තද කළ විට පරිවරණය පමණක් කැපී කම්බිය ඉතිරි වේ. එවිට පහසුවෙන් සහ කම්බියට හානියක් නොවී පරිවරණය ඉවත් කළ හැකි ය. කම්බියක කෙළවරක් සකස් කිරීමට මෙම උපකරණය භාවිත කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017