මිටිය
 බෝල මිටිය සහ අඬු මිටිය ලෙස හැඳින්වෙන මිටි වර්ග දෙකක් විදුලි ක්‍ෂේත්‍රයේ භාවිත වේ. බෝල මිටිය නැවීම තැලීම හැඬ ගැන්වීම වැනි ක්‍රියා වලට භාවිත වන අතර අඬු මිටිය, කම්බි ඇණයක් සවි කිරීමට මෙන්ම ගැලවීමට ද භාවිත කරයි.

මිටිවල ප්‍රමාණය දැක්වෙන්නේ එහි බර අනුව ය. 125g සිට 1.5kg දක්වා බර ඇති මිටි ඇත. මිටියක් යම් කාර්යයකට භාවිත කිරීමට පෙර පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

1. භාවිත කරන කාර්යය අනුව සුදුසු බර ඇති මිටිය තෝරා ගැනීම.
2. මිටිය නිසියාකාර ව සවි වී තිබේ දැයි පරික්ෂා කිරීම.
3. මිටි හිසේ හෝ මිටෙහි පිපිරීම් තිබේ දැයි පරික්ෂා කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017