ක්‍රිම්ප් අඬුව
 ඇණයකට මුරිච්චියක් මගින් රැහැනක් සම්බන්ධ කිරීමේ දී, රැහැනේ කෙළවරට දිවතක් යෙදීමෙන් අග්‍රය සකස් කළ හැකි ය. දිවත වර්ග කිහිපයකි. රැහැන් කෙළවරට දිවතක් සම්බන්ධ කළ හැකි ක්‍රම දෙකකි.

පළමුවැන්න මෘදු පෑස්සීමයි. දෙවැන්න යාන්ත්‍රිකව දැඩි පීඩනයකට භාජනය කිරීමයි. මේ සඳහා ක්‍රිම්ප් අඬුව භාවිත කරයි. හැඬලය තද කළ විට හකු දෙක ළං වෙයි.

හකු දෙක අතරට දිවත යෙදූ රැහැන් තබා තද කළ විට දිවත මත කුඩා ඇලියක් සෑදෙයි. එයින් දිවතට රැහැන් තඳින් බැඳී සිටී. මෙම ක්‍රිම්ප් සම්බන්ධය විදුලිමය සහ යාන්ත්‍රික වශයෙන් ඉතා ශක්තිමත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017