විදුලි තාක්ෂණයේ දී භාවිත වන ආවුද
 ඉස්කුරුප්පු නියන

ඉස්කුරුප්පු ඇණ ගැලවීම සහ සවි කිරීමට මෙම ආවුදය භාවිත කරයි. ඉස්කුරුප්පු නියනක් මිට, බඳ සහ තුඩ යන ප්‍රධාන කොටස් තුනකි. මෙහි

ප්‍රමාණය එහි දිග සහ තුඩේ පළල අනුව තීරණය කරයි. ප්‍රධාන වශයෙන් ඉස්කුරුප්පු නියන් වර්ග දෙකකි. එක් වර්ගයක් මල් ඉස්කුරුප්පු වන අතර

අනෙක් වර්ගය සමතල ලෙස හඳුන්වයි. මෙම නියන් වල හැඩ පිළිවෙළින් + සහ - හැඩ සිටින සේ සකස් කර ඇත. ඉස්කුරුප්පු නියන්වල මිට ප්ලාස්ටික් වැනි පරිචාරක ද්‍රව්‍යයකින් නිමවා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017