උපාංග සවි කිරීමට හා භාවිතයට අදාළ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අණපනත් කිහිපයක්
 01. පාරිභෝගිකයා ලබාගන්නා උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගත හොත් දැවී ගොස් ආරක්ෂාව සැලවීමට සේවා විලායකයක් යෙදිය යුතු ය.
02. නිවෙසකට සැපයෙන විදුලිය එක වර විසන්ධි කිරීම හැකි වන සේ (සජීවී හා උදාසීන රැහැන් දෙකම) ප්‍රධාන ස්වීචයක් යෙදිය යුතු යි.
03. විලායක යෙදිය යුත්තේ සජීවී රැහැනට පමණී.
04. මිහි කාන්දු ධාරාවක දී ස්වයංක්‍රීය ව ක්‍රියා කර සැපයුම විසන්ධි වන සේ ශේෂ ධාරා පරිපථ බිඳිනයක් සවි කළ යුතු වේ.
05.සියලු ම කෙවෙනි පිටුවාන්වල (Socket outlet) භූගත අග්‍ර භූගත රැහැනක් මගින් සම්බන්ධ කර බිම් ගැන්විය යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017