විදුලි පිහිටවුම් පිණිස යොදා ගන්නා රැහැන් සහ යොත්
 විවිධ විබරයන් අනුව ගෘහ පරිපථ තුළින් ගලායන ධාරාව වෙනස් අගයක් ගනී. එනිසා ඊට ගැළපෙන යොත් සහ රැහැන් භාවිත කිරීමට සිදුවේ.

* වොට් පැය මීටරයේ සිට ගෘහ විදුලි පරිපථයේ බෙදා හැරීමේ හුවමාරුව දක්වා ගෙනයන යොත නිවස තුළ සියලුම විබරයන් පිණිස ධාරාව ගෙන යාමට සමත් විය යුතුය. සාමාන්‍ය නිවසක මෙම යොත 7/1.04 mm වේ.

* විදුලි පහන් පරිපථ සඳහා 1/1.13 mm වේ.
* 5 A කෙවෙනි පරිපථ සඳහා 1/1.13 mm වේ.
* 15 A කෙවෙනි පරිපථ සඳහා 7/0.67 mm වේ.
* ගෘහ වතුර මෝටර සඳහා 7/0.67 mm වේ.

යොතක ප්‍රමාණය සඳහන් කිරීමේ දී පළමුව යොතෙහි ඇති කම්බි ප්‍රමාණයත් ඉන්පසු එක කම්බියක විෂ්කම්භයත් දැක්වේ. නිදසුනක් ලෙස 1/1.13 යනු මිලිමීටර 1.13ක විෂ්කම්භයක් සහිත කම්බි 1ක් ඇති බව ය. 7/0.67 යනු මිලිමීටර 0.67ක විෂ්කම්භයකින් යුත් කම්බි 7ක් ඇති බව ය.

සෑම විදුලි රැහැන් ඇදීමකටම පෙර පාරිභෝගිකයාගේ අවශ්‍යතා මත සැලසුමක් සකස් කළ යුතු වේ. එය අන්තර්ජාතික විදුලි රැහැන් ඇදීමේ අණපනත්වලට අනුකූල විය යුුතු ය. මේ සඳහා සැලසුම් දෙවර්ගයක් භාවිත වේ. මෙම සැලසුම් වර්ග දෙකට භාවිත වන සංකේත භාවිතයෙන් ගෘහ නිර්මාණ ශිල්පී සැලස්මක් සකස් කළ යුතු අතර ඉන්පසු එම සැලැස්ම අනුව පරිපථ රූප සටහනක් නිර්මාණය කළ හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017