ක්‍රි.පූ. 42-20
(පා.කා. අවු. 22 යි)
මහසිළු රජුගේ දෙවෙනි පුත් මකලන්තිස්‌ස කුමාරයා අනුලා දේවිය හට භයින් පලාගොස් පැවිදව හිඳ නැවත සිවුරු හැර සෙනඟ රැස්‌කර ගෙන ගොස් අනුලා දේවිය සමඟ යුද්ධ කොට ඈ මරා රාජ්‍යය අත්පත් කොට ගත්තේය. මේ රජු විසින් අනුරාධපුරය වටේට සත් රියන් උස ඇති ගල් පවීවක් ද වෙනත් බොහෝ ප්‍රයෝජනවත් කර්මාන්ත ද කරවන ලද්දේය. මෙතෙම වර්ෂ තිස් දෙකක් දැහැමින් රාජ්‍යය කොට පරලෝක ප්‍රාප්ත විය.
