කන්ඩියුට්
 බිත්ති තුළින් හෝ පිටින්, කොන්ක්‍රීට් තුළින් හෝ පිටින් රැහැන් ඇඳීමට (Conduit) බට යොදා ගනී. රැහැන් යොදන ප්‍රමාණය අනුව අඟල් 1/2, 3/4, 1, 1 1/2, ලෙස විවිධ විෂ්කම්භයන්ගෙන් යුත් කන්ඩියුට් මිල දී ගත හැකි ය.

එක් එක් විෂ්කම්භයෙන් යුත් බට තුළින් යැවිය හැකි රැහැන් ප්‍රමාණයක් ඇත. ඊට වඩා රැහැන් යැවීමෙන් රැහැන්වල පරිවරණයට හානි සිදු විය හැකි සේ ම සන්නායක තුළින් ධාරාව ගැලීමේ දී ජනනය වන තාපය මුදාහැරීමට බාධාවක් ඇති කෙරේ. කන්ඩියුට් බටනැමි, සන්ධි, පෙට්ටි ආදිය අවශ්‍යතාව අනුව යොදා ගත යුතුය.

රැහැන් බිත්ති මතුපිට සවි කිරීමේ දී ඒ සඳහා ප්ලාස්ටික් කේසිං භාවිත කළ හැකිය. මෙය පියනක් සහිත දිග පීල්ලකි.
(c) Shilpa Sayura Foundation 2006-2017