රැහැන් පසුරු
 විදුලි රැහැන් දැව කොටස් මතු පිටින් සවි කිරීමට රැහැන් පසුරු (Wiring clips) භාවිත කරයි. මේවා ඇලුමීනියම් පත්‍රවලින් සකස් කර ඇති අතර ටින් ටැක්ස් ඇණ මඟින් ලීවලට සම්බන්ධ කෙරේ. අඟිල් 5/8 ටින් ටැක්ස් ඇණ මේ සඳහා සුදුසු වේ. රැහැන් ප්‍රමාණය අනුව භාවිතයට ගැළපෙන විවිධ දිගින් යුතු පසුරු නිපදවා ඇත.

සාමාන්‍ය රැහැන් ඇදීමක දී පසුරු දෙකක් අතර පරතරය 150 mmපමණ විය යුතුය. මෙම පරතරය යොදා ඇති රැහැන් ප්‍රමාණය අනුව සුළු වශයෙන් වෙනස් විය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017