පහනකට විදුලි රැහැන් ඇඳීමෙන් පසු එල්ලෙන පහන් අල්ලු සහිත රැහැන සිවිලිමකට සම්බන්ධ කිරීමට සිවිලිං මල (Ceiling Rose) භාවිත කෙරේ. සිවිලිං මල දක්වා සමහර විට රැහැන් 3ක් හෝ 4ක් සම්බන්ධ විය හැකි ය. එහෙත් සිවිලිං මලෙන් පසු පහන් අල්ලුව දක්වා ගමන් කරන්නේ රැහැන් දෙකකි.