පරිපථයට බාහිරින් සම්බන්ධ වන විවිධ විබරයන් සඳහා සැපයුම ලබා ගැනීම කෙවෙනි පිටුවාන (Sockets) ඔස්සේ සිදුකරයි. පරිපථයක කෙළවර කෙවෙනි පිටුවානයකි. එයට පේනුවක් (Plug top) සම්බන්ධ කර ගෘහ පරිපථයෙන් පිටතට සැපයුම ලබාගත හැකි ය.
විබරයෙහි ජව ප්‍රමාණය අනුව ධාරාව තීරණය වන බැවින් ගෘහ පරිපථවල 5A සහ 15A ලෙස කෙවෙනි පිටුවාන වර්ග දෙකක් භාවිත වේ. කෙවෙනියක් සඳහා සජීවි, උදාසීන සහ භූගත ලෙස රැහැන් 3ක් අවශ්‍ය වේ.
විවිධ සම්මතයන් අනුව කෙවෙනි පිටුවාන විවිධ හැඩවලින් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් අග්‍රවලින් සමන්විත වේ. කෙවෙනි පිටුවානයක දකුණු පසට සජීව සන්නායකය ද වම් පසට උදාසීන සන්නායකය ද සම්බන්ධ කළ යුතු ය. මැදි අග්‍රය භූගත රැහැනට සවි කෙරේ.
කෙවෙනි පිටුවාන වැඩි ගණනක් එකම ගොඩනැඟිල්ලක් තුළ පිහිටුවීමට අවශ්‍ය වූ විට වලය පරිපථයක් (Ring circuit) ලෙස ස්ථාපනය කරනු ලැබේ. IEE විදුලි තාක්ෂණික සම්මත අනුව වලය පරිපථ සඳහා 13A හතරැස් අග්‍ර සහිත කෙවෙනි පිටුවාන භාවිත කළ යුතු ය. මේ සඳහා යොදා ගත යුතු විදුලි පරිපථ බිඳිනය 32 A වඩා ඉහළ අගයක් විය යුතු අතර යොතෙහි ප්‍රමාණය 7/0.67 mm විය යුතු ය. මෙම අංකනයේ දී පළමු අගයෙන් යොතෙහි ඇති කම්බි සංඛ්‍යාව ද (Strands) දෙවන අගයෙන් එක් කම්බියක විෂ්කම්භය (Diameter) ද පෙන්වයි