අනුලා දේවි
 

ක්‍රි.පූ. 47-42
අගනගරය - (පා.කා. අවු. 04 යි මාස 03 යි)

අනුලා දේවි තොමෝ කුඩාතිස්‌ස රජුගේ මරණින් පසු යටකී දොරටුපාලයා ද සැමියා කරගෙන ඔහු සමඟ එක්‌ අවුරුදු දෙමසක්‌ රාජ්‍යය විචාලීය. ඉක්‌බිති ඒ දේවිය වටුක නම් දෙමළකු සමඟ සම්බන්ධ විය. දොරටු පාලයා විෂයෙන් මරා වටුකයා කෙරෙහි රාජ්‍යය පැමිණ වීය. වටුක තෙමේ අනුලා දේවිය මහේසිකා කොට එක්‌ අවුරුදු දෙමසක්‌ රාජ්‍යය කෙළේය. ඉන්පසු අනුලා තොමෝ වටුකයාට ද විෂ දී මරා දර කැටිතිස්‌ නම් අයෙකුට රාජ්‍යය පැමිණ වීය. ඔහු එක්‌ අවුරුදු එක්‌ මසක්‌ රාජ්‍යය කළ පසු ඒ දේවි තොමෝ ඔහුට ද විෂ දී මරා නීලිය නම් බමුණකුට රාජ්‍යය දුන්නීය. හෙතෙම අමුතු පුරුෂයන් පතන්නාවූ මේ අනුලා බිසව් නීලිය බමුණද මරා තොමෝම සාර මසක්‌ රාජ්‍යය කළාය.

(c) Shilpa Sayura Foundation 2006-2017