ඔබන බොත්තම ස්විච්
 ඉහත ස්විච් වර්ග තුනට ම ස්ථාවර අවස්ථාවන් දෙකක් තිබේ. එනම් ස්විචය යොමු කරන අවස්ථාව ස්ථාවරව පවතී. එසේම ඇතැම් ඔබන බොත්තම් ස්විච්වල (Push button switch) ද ස්ථාවර අවස්ථාවන් දෙකක් පවතී. එබූ විට යට මට්ටම එක් ස්ථාවර අවස්ථාවක් ලෙසත්, එබීමට පෙර එනම් පළමු අවස්ථාව අනෙක් ස්ථාවර අවස්ථාව ලෙසත් පවතී.

එහෙත් සමහර ඔබන බොත්තම් ස්විච්වල ඇත්තේ ස්ථාවර අවස්ථාවන් පමණී. ස්ථායි අවස්ථාවේ දී ස්විචය සංවෘතව පවතින ස්විච් සමාන්‍ය අවස්ථාවේ දී සංවෘත (Normally closed - N.C) වර්ගය ලෙස හැඳින්වේ. එම බොත්තම එබූ විට ස්විචය විවෘත වේ. ශීතකරණයක අභ්‍යන්තර පහන ක්‍රියාකිරීම සඳහා සාමාන්‍ය සංවෘත N-C වර්ගයේ ඔබන බොත්තම් ස්විච ද භාවිත වේ.

ස්ථායි අවස්ථාවේ දී විවෘත වී ඇති ස්විච් සාමාන්‍ය අවස්ථාවේ දී විවෘත (Normally open-N.O) වර්ගය ලෙස හැඳින්වේ. නිවෙසක විදුලි සීනුව පාලනය කිරීමට සාමාන්‍ය විවෘත එනම් N-O වර්ගයේ ඔබන බොත්තම් ස්විච යොදාඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017