සිඟිති පරිපථ බිඳිනය
 ශේෂ ධාරා පරිපථවලට පසුව විලායක වෙනුවට අධි ධාරා ආරක්ෂක උපක්‍රමයක් ලෙස සිඟිති පරිපථ බිඳින (Miniature circuit breaker - MCB) භාවිත කරයි. සිඟිති පරිපථ බිඳිනය තාපය මඟින් ක්‍රියා කරන ද්වි ලෝහ පටියක් සහිත අධි බැර පැන්නුමකින් ද, විද්‍යුත් චුම්භකත්වය මඟින් ක්‍රියා කරන ලුහු පරිපථ පැන්නුමකින් ද යුක්තය.

යම් කාලයක් තුළ ප්‍රමත ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා යන විට ද්වි ලෝහ පටිය රත් වේ. එවිට ද්වි ලෝහ පටිය වක්‍ර වී පරිපථය විසන්ධි කරයි. පරිපථය ලුහු පරිපථ වූ විට පරිනාලිකාවක් මඟින් ක්‍රියාත්මක විය හැකි යාන්ත්‍රික ස්විචයක් ක්‍රියාත්මක වී පරිපථය විසන්ධි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017