ගෘහ විදුලි පරිපථයකට භූගත සන්නායකයක් (Earth terminal) අවශ්‍ය වන්නේ විදුලි සැර වැඳීමෙන් සහ එමඟින් ඇති විය හැකි වෙනත් වෙනත් හානිවලින් පුද්ගලයින් ආරක්ෂාවීම පිණිස ය. ගෘහ විදුලි පරිපථයේ ඇති සෑම කෙවෙනි පිටුවානකට ම භූගත රැහැන සම්බන්ධ ය. එම රැහැන පෘථිවි පෘෂ්ටයට සම්බන්ධ කිරීම උදෙසා මීටර් දෙකක් පමණ දිග 50 ක පමණ විෂ්කම්භයකින් යුක්ත ගැල්වනිත යකඩ (Galvanized iron) නලයකට සම්බන්ධ කර එය පොළොවේ තෙතමනය ඇති ස්ථානයක ගිල්වයි. වර්තමානයේ මේ වෙනුවට තඹ කූරක් භාවිත කරයි.
භූගත කිරීමේ අරමුණ නම්, භූගත රැහැනේ ගමන් කරන ධාරාවක් බාධාවකින් තොරව භූගත වීමට සැලැස්වීමයි. එනම් භූගත නලය පොළොව සමඟ පවතින ප්‍රතිරෝධය අඩු නම් භූගත රැහැන දිගේ ගලා එන ධාරාව පහසුවෙන් භූගත වේ. එවිට ලෝහ ආවරණයක් සහිත උවාරණයකින් විදුලි කාන්දුවීමක දී ශේෂධාරා පරිපථ බිඳිනය ක්‍රියා කිරීම නිසා විදුලි සැර වැදීමේ හැකියාව වලකී.