ශේෂ ධාරා පරිපථ බිඳිනය (Residual Current Circuit Breaker - RCCB) විදුලි පරිපථයකට සම්බන්ධ කිරීමෙන් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ විදුලි කාන්දු වීමකින් පුද්ගලයන්ට සහ උපකරණවලට සිදුවිය හැකි හානි වැළැක්වීම යි. සජීවී සහ උදාසීන සන්නායක තුළින් ගලා යන ධාරාවන් සමාන වන විට ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක නොවේ. නමුත් ගෘහ පරිපථය තුළ ධාරා කාන්දු වීමක දී එනම් සජීව හෝ උදාසීන සන්නායකවල සිදුවන ධාරා අසමතුලිතතාව හේතුවෙන් මෙය ක්‍රියාත්මක වී සැපයුම සහ ගෘහ පරිපථය වෙන් කරයි.
සාමාන්‍ය අවස්ථාවක දී ශේෂ ධාරා පරිපථ බිඳිනයේ, එකම හරයක ඔතා ඇති L1 සහ L2 දඟර වලින් සැපයුමේ සජීවී සහ උදාසීන රැහැන්වලට සම්බන්ධ කෙරේ. එමඟින් සමාන ධාරා ප්‍රතිවිරුද්ධ දිශාවලට ගැලීම හේතුවෙන් සමාන චුම්භක ස්රාවයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ජනනය කරයි. එවිට හරය තුළ චුම්භක ස්රාවයන් උදාසීන වේ. විබරයෙන් හෝ පරිපථයෙන් ඉවතට විදුලි කාන්දු වීමක් සිදු වූ විට L1 සහ L2 හි ජනනය වන චුම්භක ස්රාවයන් එකිනෙකට වෙනස් වේ. මෙම වෙනස නිසා ඇතිවන සම්ප්‍රයුක්ත චුම්භක ස්රාවය හේතුවෙන් L3 දඟරයේ විද්‍යූත් ගාමක බලයක් ප්‍රේරණය වේ. එම ප්‍රේරිත වෝල්ටීයතාව නිසා ජනනය කෙරෙන ධාරාව L4 දඟරය තුළින් ගලා යාමට සලස්වා ජනනය වන චුම්භක ස්රාවය මඟින් S1 ස්විචය විවෘත කරයි.
මෙම මූලධර්මය අනුව විදුලි උවාරණයක ලෝහ ආවරණයට භූගත සන්නායකය සම්බන්ධ කර ඇති විට විදුලි කාන්දුවක දී ලෝහ ආවරණය හරහා ධාරාව භූගත වන නිසා ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වේ.