ආරක්ෂක උපක්‍රම
 වෙන්කරණය

විදුලි බල අධිකාරිය සතු භාණ්ඩවලින් පසු ගෘහ විදුලි පරිපථවල පාරිභෝගිකයා විසින් පළමුවෙන් ම ස්ථාපිත කළ යුත්තේ වෙන්කරණය යි (Isolator). මේ වෙනුවට ප්‍රධාන ස්වීචයක් (Main switch) භාවිත වන අවස්ථා ද ඇත. අධි ධාරා ගැලීමක දී වෙන්කරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ප්‍රධාන සැපයුමෙන් ගෘහ විදුලි පරිපථය වෙන්කරයි.

මීට අමතර ව නඩත්තු කටයුත්තක දී වෙන්කරණය මඟින් ගෘහ පරිපථය ප්‍රධාන සැපයුමෙන් වෙන් කළ හැකි ය. එම අවස්ථාවේ දී ද සජීවී හා උදාසීන රැහැන්වල සම්බන්ධය විසන්ධි වන ලෙස මෙහි ද්වි ධ්‍රැව තනිමං (DPST) ස්විචයක් යොදා ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017