ප්‍රධාන වෙන්කරණය
බෙදාහැරීමේ මාර්ගයේ සිට නිවසට ලබා දෙන රැහැන් පළමුවෙන් ම සම්බන්ධ වන්නේ ප්‍රධාන වෙන්කරණයකට ය. මෙම උපාංගය මඟින් නිවසට ලැබෙන සැපයුම අවශ්‍ය වූ විට සම්පූර්ණයෙන් ම විසන්ධි කළ හැකි ය. තව ද නිවසට ගලා යන ධාරාව යම් අපේක්ෂිත අගයකට වඩා වැඩි වූ විට සැපයුම සහ නිවෙස අතර විදුලි සම්බන්ධය මෙමඟින් විසන්ධි වේ.
වෙන්කරණයේ විශේෂත්වය වන්නේ උදාසීන සහ සජීවී සන්නායක දෙක ම ස්වයංක්‍රීයව විවෘත පරිපථ බවට පත්කිරීමයි. අතීතයේ වෙන්කරණය වෙනුවට සේවා විලායකයක් යෙදුණි. වෙන්කරණයෙන් පසු විදුලි සැපයුම වොට් පැය මීටරයට සම්බන්ධ වේ.