ගෘහ විදුලි පරිපථ, ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය ප්‍රායෝගිකව භාවිත කෙරෙන අවස්ථාවකි. නිවසකට විදුලිය සැපයීමට විදුලි බල අධිකාරිය රැහැන් දෙකක් යොදා ගනියි. මෙයට වෙන වෙන ම හෝ බාහිරින් එකිනෙකට සම්බන්ධ වූ යොත් (Service Cable) භාවිත කරයි. මේ රැහැන් දෙක සජීවී (Live)සහ උදාසීන (Neutral) රැහැන් ලෙස හැඳින්වේ. මෙවැනි සැපයුමක් එකලා සැපයුමක් ලෙස හඳුන්වන අතර උදාසීන රැහැනට සාපේක්ෂව සජීවී රැහැනේ වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවක් පවතී.
එකලා සැපයුමක් ප්‍රමාණවත් නොවන අවස්ථාවල දී තෙකලා සැපයුමක් ලබා දෙයි. එහිදී රැහැන් 4ක් (සජීවී රැහැන් තුනක් සහ උදාසීන රැහැන් එකක්) සම්බන්ධ වේ.
ගෘහ විදුලි පරිපථවලට විදුලි සැපයුම ලබා දීමේ දී යොදාගන්නා උපාංග සහ රැහැන් පිළිබඳවත්, ගෘහ විදුලි සැපයුමක යොදා ගන්නා පාලන හා ආරක්ෂක උපාංග සහ වෙනත් අමතර උපාංග පිළිබඳවත් මෙහිදී සලකා බලමු.