ප්‍රායෝගික ප්‍රේරකයක් ශුද්ධ ප්‍රේරකයක සහ ප්‍රායෝගික ප්‍රේරකය තුළ ඇති ප්‍රතිරෝධි අගයට සමාන ප්‍රතිරෝධයක ශ්‍රේණිගත සම්බන්ධතාවයක් ලෙස සැලකිය හැකිය. පරිපථය තුළින් ගලා යන ධාරාව ප්‍රේරකය හා ප්‍රතිරෝධකය තුළින් ද ගලා යන නිසා ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාවක් ද ප්‍රේරකය හරහා වෝල්ටීයතාවක් ද ජනනය වේ.