ප්‍රතිරෝධකය සහ ධාරිත්‍රක සමාන්තරගත සම්බන්ධයකට ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවක් ලබා දෙනු ලැබේ. සැපයුම් වෝල්ටීයතාව VS උපාංග දෙකට ම පොදු වේ. වෝල්ටීයතාව මඟින් ධාරිත්‍රකය තුළින් iC ධාරාවක් ද, ප්‍රතිරෝධකය තුළින් iR ධාරාවක් ද ගලා යයි. ආරම්භක අවස්ථාවේ දී ධාරිත්‍රකයේ ආරෝපණය ශුන්‍ය යැයි සලකනු ලැබේ.
සැපයුම් වෝල්ටීයතාව සමඟ ප්‍රතිරෝධකය තුළින් ගලන ධාරාව සමකලාවේ පිහිටයි. නමුත් ධාරිත්‍රකය තුළින් ගලන ධාරාව සැපයුම් වොල්ටීයතාවට 900ක් පෙරටුගාමී වන නිසා ධාරිත්‍රකය තුළින් ගලන ධාරාව සැපයුම් වෝල්ටීයතාව සමඟ සම කලාවේ නොපිහිටයි. එබැවින් ප්‍රතිරෝධකය හරහා ගලන ධාාරාවේත් ධාරිත්‍රකය හරහා ධාරාවෙත් සංඛ්‍යාත්මක එකතුව සැපයුම් ධාරාවට සමාන නොවේ. නමුත් මෙම ධාරාවන්ගේ දෛශික එකතුව සැපයුම් ධාරාවට සමාන වේ.