ප්‍රතිරෝධක සහ ප්‍රේරක සමාන්තරගත සම්බන්ධය
  ප්‍රතිරෝධක සහ ප්‍රේරක සමාන්තරගත සම්බන්ධයකට ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවක් (VS) දේ. සැපයුම් වෝල්ටීයතාව VS උපාංග දෙකට ම පොදු ය. වෝල්ටීයතාව මඟින් ප්‍රේරකය තුළින් iL ධාරාවක් ද, ප්‍රතිරෝධකය තුළින් iR ධාරාවක් ද ගලා යයි. මෙහි දී ප්‍රේරකය ප්‍රතිරෝධය රහිත ශුද්ධ ප්‍රේරකයක් ලෙස සැලකේ.

සැපයුම් වෝල්ටීයතාව (VS) සමඟ ප්‍රතිරෝධකය තුළින් ගලන ධාරාව (iR) සමකලාවේ පිහිටයි. නමුත් ප්‍රේරකය තුළින් ගලන ධාරාව සැපයුම් වෝල්ටීයතාවට 900ක් පසුපසින් පිිහිටන නිසා ප්‍රේරකය තුළින් ගලන ධාරාව සැපයුම් වෝල්ටෛයතාව (VS) සමඟ නොපිහිටයි. එහෙයින් ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාවේත් ප්‍රේරකය හරහා ගලන ධාරාවේත් සංඛ්‍යාත්මක එකතුව සැපයුම් ධාරාවට (iS) සමාන නොවේ. නමුත් මෙම ධාරාවන්ගේ දෛශික එකතුව සැපයුම් ධාරාවට සමාන වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017