ප්‍රතිරෝධක සහ ප්‍රේරක (LR) ශ්‍රේණිගත සම්බන්ධය
  ප්‍රතිරෝධකයක සහ ප්‍රේරකයක ශ්‍රේණිගත සම්බන්ධයකට ප්‍රත්‍යාවර්ත සැපයුම් වෝල්ටීයතාවක් (vs) සපයයි. සැපයුම් විභවය (vs) සමඟ ප්‍රතිරෝධකය තුළ විභව බැස්ම (VR) සම කලාවේ පිහිටයි. නමුත් ප්‍රේරකය තුළ ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාව 900කින් පෙරටුගාමි වන නිසා (Leading) ප්‍රේරකය හරහා විභව බැස්ම (VL) සැපයුම් විභවය (vs) සමඟ සම කලාවේ නොපිහිටයි

එනිසා ප්‍රතිරෝධකය තුළින් සහ ප්‍රේරකය තුළින් ධාරාවක් ගලා යන විට ඇති වන වෝල්ටීයතාවල සංඛ්‍යාත්මක එකතුව, සැපයුම් වෝල්ටීයතාවට (VS) සමාන නොවෙයි. නමුත් මෙම විභවයන්ගේ දෛශික එකතුව සැපයුම් වෝල්ටීයතාවට සමාන වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017