ප්‍රතිරෝධයක් (R) දෙපසට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් (Vs) යෙදූ විට ධාරාව ඒ අනුව වෙනස් වේ. එනම් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව උපරිම වන විට ධාරාව ද උපරිම වේ.
රූපයේ පරිදි පරිපථය සකස් කර සංඥා ජනකයෙන් සයිනාකාර වෝල්ටීයතා සංඥාවක් ලබා දෙයි. දෝලනේක්ෂයෙන් වෝල්ටීයතා තරංග පමණක් නිරීක්ෂණය කළ හැකි ය. එබැවින් වෝල්ටීයතාව අනුව ධාරාව හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට ධාරාවට සමානුපාත වෝල්ටීයතාවක් ජනනය කිරීමට හැකි වන ලෙස රූපයේ පරිදි (R) ප්රතිරෝධයකට ශ්‍රේණිගතව (Rt) වැනි කුඩා ප්‍රතිරෝධයක් සහිත ප්‍රතිරෝධකයක් (10 Ω) සම්බන්ධ කෙරේ. (Rt) මඟින් පරිපථය තුළ ගලන ධාරාවට සැලකිය යුතු වෙනසක් සිදු නොවන අතර ඒ හරහා ඇතිවන විභව බැස්ම ද නොසැලකිය හැකි තරම් කුඩාය. එම ධාරාව මඟින් වර්ධනය වන වෝල්ටීයතාව (Vt) දෝලෙනේක්ෂයේ ආශ්රිත ලක්ෂ්‍යයට (Reference point, G) සාපේක්ෂ ව දෙවන නාළිකාවෙන් (CH2) (b) රූපයේ දක්වා ඇති පරිදි නිරීක්ෂණය කළ හැකි ය. (Vt) හි අගය දෝලනේක්ෂයෙන් මනින අතර (Rt)හි අගය දන්නා බැවින් ඒ හරහා ගලන ධාරාව ඕම්ගේ නියමය භාවිතයෙන් ගණනය කළ හැකිය.
මෙහි දී දෝලනේක්ෂයේ පළමු වන නාලිකාවෙන් (CH1) නිරීක්ෂණය කරන්නේ R සහ Rt යන ප්‍රතිරෝධක දෙකම හරහා ඇතිවන වෝල්ටීයතාවයි. මෙය සැපයුම් වෝල්ටීයතාවට (Vs) සමාන වන අතර කාලය සමග මෙම වෝල්ටීයතාවේ විචලනය ප්‍රත්‍යාවර්ත බව (b) රූපයේ පරිදි දෝලනේක්ෂයෙන් නිරීක්ෂණය කළ හැකි ය.
එනම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් හෝ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් ප්‍රතිරෝධකයකට ලබා දුන් විට තරංගයේ හැඩයට කිසිම බලපෑමක් ඇති නොවේ. නමුත් තරංගවල විස්ථාරය පමණක් වෙනස් වේ. මේ අනුව වෝල්ටීයතාව සහ ධාරාව සම කලාවේ පිහිටයි. එනම් ප්‍රතිරෝධකයට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් ලබාදුන් විට ගලායන ධාරාව වෝල්ටීයතාව සමඟ එක ම අවස්ථාවේ දී උපරිම වේ. කලා රූපසටහනක් ලෙස මෙම සම්බන්ධතාව C රූපයේ දැක්වේ.