ප්‍රතිරෝධක, ප්‍රේරක සහ ධාරිත්‍රක පරිපථවල ප්‍රත්‍යාවර්ත ධාරා ගැලීම
 

ප්‍රතිරෝධකයක් වෙතට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යෙදූ විට එතුළින් ගලන ධාරාවත් වෝල්ටීයතාවත් එකම අවස්ථාවේ දී උපරිම වේ. (සම කලාවේ පිහිටයි) එහෙත් ප්‍රතිරෝධකයකට ප්‍රේරකයක් හෝ ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව සම්බන්ධ කළ විට ප්‍රේරකයේ හෝ ධාරිත්‍රකයේ දෙකෙළවර වෝල්ටීයතාව සහ ධාරාව උපරිම වන්නේ වෙනස් අවස්ථා දෙකක දී ය (කලාව වෙනස් වේ). මෙම වෙනස හේතුවෙන් ශ්‍රේණිගත සහ සමාන්තරගත පරිපථවල සිදුවන බලපෑම සොයා බලමු.

(c) Shilpa Sayura Foundation 2006-2017