මහසිළු මහතිස්‌ (මහාචූලික තිස්‌ස)
 

ක්‍රි.පූ. 76-62
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 14 යි)

වළගම්බා රජු ඇවෑමෙන් කළුන්නා රජුගේ පුත්‍ර වූ මහසිළු මහතිස්‌ කුමාරයා රාජ්‍යශ්‍රී ලැබ දාහතර අවුරුද්දක්‌ දැහැමෙන් රාජ්‍ය කෙළේය. මේ රජ තෙමේ සියතින් සපයාගත් වස්‌තුවෙන් දෙන දන් මහත් ඵලදායි අසා වෙස්‌වලාගෙන පසල් දනව්වට ගොස්‌ ඇල් ගොයම් කපා එයින් ලත් කුලියෙන් මහාසුම්ම නම් තෙර නෙනෙකුන්ට පිණ්‌ඩපාත දුන් බව ද නැවත උක්‌ සකුරු සාදන යන්ත්‍රයක මෙහෙකොට කුලී උක්‌ සකුරු ලැබ භික්‌ෂු සංඝයාට දන් දුන් බව ද කියන ලදී.

(c) Shilpa Sayura Foundation 2006-2017