කාලය ගත වීමේ දී ධාරිත්‍රකය ආරෝපණය වන ශීඝ්‍රතාව අඩුවන වේ. ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ම ආරෝපණය වූ විට එතුළින් ධාරාව ගැලීම නතර වේ. කාල නියතයක් (Time constant) යනු සම්පූර්ණයෙන් විසර්ජනය වී තිබූ ධාරිත්‍රකයක්, එයට යොදන වෝල්ටීයතාවෙන් 63.2% ආරෝපණය වීමට ගතවන කාලයයි.
කාල නියතය මනින්නේ (T) තත්පරවලිනි. මෙම අගය පරිපථයේ යොදා ඇති ධාරිත්‍රකයේ ධාරණාව (C) සහ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධි අගයේ (R) ගුණිතයට සමාන වේ. මේ අනුව ධාරිත්‍රක ප්‍රතිරෝධක ශ්‍රේණිගත පද්ධතියක් කාල පමා (Time delay) පරිපථ සඳහා යොදා ගත හැකි ය. T= RC
ප්‍රායෝගික භාවිතයේ දී ධාරිත්‍රකයක් කාල නියතය මෙන් පස්ගුණයක කාලයකට පසු පූර්ණ ව ආරෝපණය වී ඇතැයි සැලකේ. ආරෝපණය වන පද්ධතියක ධාරිත්‍රකය හරහා පිහිටන විභව අන්තරය ඝාතීය ශ්‍රිතයක් බැවින් එය ගණනය කිරීමට පහත සමීකරණය යොදා ගනී.
VC = Vs (1-e-t / RC

මෙහි
VC = t කාලයකට පසු ධාරිත්‍රකයේ ආරෝපිත විභව අන්තරය
Vs = සැපයුම් විභවයේ උපරිම වෝල්ටීයතාව
RC = කාල නියතය
e = 2.718 ඝාතීය ශ්‍රිතය (Exponential function)