ධාරිත්‍රකය තුළින් සරල ධාරා ගැලීම
  සරල ධාරාවක් සඳහා ධාරිත්‍කයක් අනන්ත ප්‍රතිරෝධකයක් දක්වයි. ධාරිත්‍රකයක ආරෝපණ රැස් කළ හැකි ය. ආරෝපණ ගැන්වී නැති ධාරිත්‍රකයකට සරල ධාරා වෝල්ටීයතාවක් යෙදූ විට ආරම්භක අවස්ථාවේ දී ලඝු පරිපථයක් (Short circuited) ලෙස ක්‍රියා කරයි. Vs = 10 V කි.

24.jpg



රූපයේ පරිදි A සහ B අග්‍ර දෙක සම්බන්ධ කළ විට ප්‍රතිරෝධකය (R) හරහා ධාරිත්‍රකය (C) ආරෝපණය වන විට ක්‍රමයෙන් එම ධාරිත්‍රකය හරහා වෝල්ටීයතාව වර්ධනය වේ. ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වූ පසු ඒ හරහා ඇති වන විභව අන්තරය සැපයුම් වෝල්ටීයතාවට සමාන වේ.

උපරිම වෝල්ටීයතාව දක්වා ධාරිත්‍රකය ආරෝපණය වන රටාව 2.52(b) රූපයෙන් දැක්වේ. මේ අනුව ධාරිත්‍රකයක් තුළින් ආරම්භයේ දී උපරිම ධාරාවක් ගලායන අතර වෝල්ටීයතාව උපරිම වීමට යම් නිශ්චිත කාලයක් ගත වේ. ධාරිත්‍රකයේ ආරෝපණය නිසා එහි දෙපස වෝල්ටීයතාව වැඩිවත් ම ගලායන ධාරාව ක්‍රමයෙන් අඩුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017